මාර/ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය - වැලිගම
MR/SUMANGALA BALIKA VIDYALAYA - Weligama

දැක්ම

මාතර දිස්ත්‍රික්කයේ හොඳම ද්විතීයීක පාසල බවට පත්වීම...

මෙහෙවර

අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය තුළින් ගුණ නැණ කුසලතා පිරි බාලිකාවන් බිහි කිරීමට සුදුසු පරිසරයක් ගොඩ නැගීම ....

ආදර් ශ පාඨය

  • තුමෙහහි කිච්චං ආතපපං
  • අකඛාතාරෝ තථාගතා
  • පටිපනනා පමොකඛනති
  • ඣායිනෝ මාර බනධතා

“සුමඟුල් මාතාව...“

  • ක්‍රි.ව. 1927 දකුණු සිරිලක ඓතිහාසික වැලිගම් පුරවයේ එකම කාන්තා ජාතික පාසල ලෙස මුල්තැන ගන්නා ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය පෞද්ගලික පාසලක් ලෙස ආරම්භව දිගු ගමනකින් පසුව ජාතික පාසලක මට්ටමට දියුණුව ඇත.
  • වර්තමානයේ 1AB සුපිරි පාසල් ගණයට අයත් අප පාසල ප්‍රදේශයේ ගැහැණු දරුවන් දෙදහසකට ආසන්නව දැනුමින් පෝෂණය කෙරේ...
  • සුමඟුල් දියණියන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට හිතකර භෞතික හා මානව සම්පත් රැසකගෙන් සමන්විත අප පාසල දැනුම පමණක් නොව සිසු දැරියන්ගේ පෞර් ෂය හා ආකල්ප වර්ධනයට හේතුවන ක්‍රියාකාරකම් රැසක් සහිතව ක්‍රියාත්මක වේ..
  • 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සමාන්තර පන්ති 06 බැගින් ද, උසස්පෙළ කලා, වාණිජ, විද්‍යා ගණිත සහ තාක්ෂණික විෂය ධාරාවන් යටතේ සිසු දැරිවියන් ඉගෙනුම ලබති.


පාසල් තොරතරු....

පාසල් නාමය මාර/ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය
ලිපිනය හෙට්ටිවීදිය, වැලිගම
දිස්ත්‍රික්කය මාතර
කොට්ඨාශය වැලිගම
පාසල් අංකය 22334
සංගණන අංකය 07272
ගුරුමණ්ඩලය 102
සිසුන් ප්‍රමාණය 2033
අනධ්‍යයන කාර්යය මණ්ඩලය 35
පන්ති සංඛ්‍යාව 56
Office

පාසල් පැතිකඩ හා පිහිටීම...

sbv-Ground Plan