වැලිගම් පුරවරය වසර 2300 ක පමණ ලේඛනගත ප්‍රෞඪ ඓතිහාසික කතන්දරයකට නෑකම් කියන ජනාවාසයකි. “ශාස්ත්‍රාභිවෘද්ධ සාධක ” සමිතිය මගින් වැලිගම ප්‍රදේශයට අඩුපාඩුවක්ව තිබූ ඉංග්‍රීසි පාසලක් බිහි කිරීමේ අරමුණ ඇතිව 1927 ජුනි මස 10 වැනි දින ගාලු පුරවරයේ එච්.ඩබ්. අමරසූරිය මහතා විසින් විදුහලට මුල්ගල තැබුණු අතර ගරු එෆ්. එච්. ඔබේසේකර මැතිඳුන් ද මෙම අවස්ථාවට සපැමිණි බව ද සඳහන් වේ. 1927 අගෝස්තු 27 වන දින අකුරැස්ස ඇල්ගිරියේ ඒ.ජේ. විජේතුංග මහතා විසින් විදුහල විවෘත කළ බවත් විදුහල් කළමනාකරණ තනතුරට මුහන්දිරම් සී.ජයසූරිය මහතා පත් කළ බව එම සමාජයේ ලේකම් සැම්සන් මහතා විසින් ලියා ඇති වාර්තාවේ නිල මුද්‍රා තබා අත්සන් තබා ඇත. විද්‍යාලයේ පාලනමය කටයුතු කිරීම ශාස්ත්‍රාභිවෘද්ධි සමිතියට පැවරුණ බව ද 1839 වෙසක් මස පුරපසළොස්වක පෝදා පැරෑලියේ පදුමගබ්භාරාමයේදී පැවිදි දිවියට පත් ලෝක ශාසනද්වයට අපරිමිත මෙහෙයක් ඉටුකළ වැලිගම් පුරවරයේදී උපත ලද පුණ්‍යවන්ත සුමංගල නාහිමිපාණන්ගේ ශ්‍රී නාමය සදා අනුස්මරණය වනු වස් “ශ්‍රී සුමංගල විද්‍යාලය” ලෙස විදුහල නම් කරන ලදි. ප්‍රථම විදුහල්පතිවරයා වීමේ ගෞරවය වෝල්ටර් ජයවර්ධන මැතිතුමාට හිමි වූ අතර ප්‍රථම ඇදුරුතුමිය වූයේ ජස්ලින් ද සිල්වා මහත්මිය යි. විදුපියසේ අකුරු කළ ප්‍රථම ශිෂ්‍යයා එල්.එච්. සිරිසේන නම් වූ අතර ආරම්භක ශිෂය සංඛ්‍යාව දෙකක් සහ ගුරු සංඛ්‍යාව දෙකකි. 1928 වර්ෂයේ සිට පී.ඩී. සොයිසා, ඩබ්. බුද්ධදාස මහත්මයාණන් ගරු විදුහල්පති ධූරය හෙබවූ අතර 1929 විදුහල්පති ධුරයේ කටයුතු කළ බී.ඩී.පි.ඩී. ද සිල්වා මහතාගේ කාලය තුළ ගුණාත්මක දියුණුවක් විද්‍යාලයේ දකින්නට හැකියාව ලැබී ඇත. එයට හේතුව ලෙස විදුහල ආරම්භ වී වසර තුනක් ගත වීමට පෙරාතුව 1930 දී රජයේ ඊ.එස්.එල්.එස්.විභාගයෙන් 100% සමත් ප්‍රතිපල ලබා දීමයි.
ලි.ප.අ 273 යටතේදී 1932 දී විදුහල කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ලියාපදිංචි කළ බව ද නාරද හිමියන්, මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරින් ද විද්‍යාලයට පැමිණදේශන පවත්වා ඇත. විද්‍යාලීය නාට්‍ය සංගමය විසින් නාට්‍ය වේදිකා ගතකොට එහි ලාභයන් සියල්ල ගොඩනැගිලි අරමුදලට පරිත්‍යාග කරමින් ගුරු මඩුල්ලේ ද ධන පරිත්‍යාගයෙන් නව ගොඩනැගිල්ලක් ඉදි කළ බවත් සඳහන් වේ. රජයේ අධීක්ෂණය යටතේ පෞද්ගලික අධීක්ෂණය යටතේ පෞද්ගලික පාසලක් වශයෙන් පැවති විද්‍යාලය අධ්‍යාපන ඇමති ලෙස කටයුතු කළ ඊ.ඒ. නුගවෙල මහතාගේ ප්‍රධානත්වයෙන් 1950 ජනවාරි 01 දින රජයේ විදුහලක් බවට පත් කරන ලදි. විද්‍යාලයට 50 වසරක් සපිරුණු 1978.05.02 දින ඓතිහාසික සිදුවීමක් ලෙස බාලිකා මධ්‍ය මහ විද්‍යාලයක් බවට පත් කරන ලදි. 1980 දී විදුහල් ආදි ශිෂ්‍ය සහ ගුරුවරයෙක් වූ ඒ.එස්.එම්. හේවාවසම් මහතා විසින් අලංකාර බුදු මැදුරක් තනා දුන් බවත් , පාසල් සංවර්ධන සමිතියේ එස්.ජේ. කුලතුංග මහතා විසින් බුදු පිළිමයක් ලබා දී වන්දනා කටයුතු සිදු කල අතර 2024 වර්ෂයේ දී විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ලේඩි-ජේ සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ වූ ජේ.ජී. සුමනපාල මැතිතුමා අනුස්මරණය පිණිස එතුමන්ගේ බෑණනුවන් හා දියණිය වූ අනුරුද්ධ විජේරතන් මහතා හා ජයණි සුමනපාල විජේරත්න මැතිණිය විසින් අභිනව බුද්ධ මන්දියක් ඉදිකර 2024-03-15 දින සිසු අයිතියට පවරන ලදි. 1981 දී දෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කර ඇති අතර ඉහළ ශිෂ්‍ය සංඛ්‍යාවක් ද සිටින ලද අතර ක්‍රීඩා නැටුම් අංශවලින් ජයග්‍රහණ ලබා දිවයිනේ කීර්තියක් ලබා ගන්නා ලදි. 1994.02.27 වැනි දින ශ්‍රී සුමංගල විද්‍යාලය ජාතික පාසලක් බවට උසස් වූ අතර එකම පාසලක් වුවද ප්‍රාථමික අංශය වෙන්ව පාලනය වූවත් 1994 සිට එකම විදුහලක් බවට පත් විය. සමාජ ප්‍රතිසංස්කරණවාදී පිළිවෙතක් තිර අදිටනක් පෙරදැරි කරමින් තණ්හාව වෙනුවට පරිත්‍යාගය, වෛරය වෙනුවට අවෛරය, ආත්මාර්ථය වෙනුවට පරාර්ථය, මමත්වය වෙනුවට පරහිතකාමීත්වයත් ආදී වූ මානව සන්දර්භයට ඖචිත්‍ය ගුණාංගයන්ගෙන් සංයෝග වූ පාසල් නිල ලාංඡනය අර්ථවත් කිරීම පිණිස සිංහයා, ස්වස්ථික ලකුණ හා ඊට ඉහළින් දක්වා ඇති “තුම්මෙහි කිච්චං ආතප්පං” යන ආදර්ශ පාඨය සුමඟුල් මාතාව සැබවින්ම ශ්‍රේෂ්ඨ බව විද්‍යාමාන වේ. බුද්ධ භාෂිතයට අනුව
“තුම්මෙහි කිච්චං ආතප්පං
අක්ඛතාරෝ තථාගතා”
යන ධම්මපදයේ ගාථා පාඨයෙන් විශධ වන්නේ “ඔබ ඔබේම මග සාදාගන්න” තථාගතවරු මාර්ගය කියන්නේය යන්නයි.
මීට වසර 96 කට පෙරාතුව 1927 පොල්අතු සෙවිලි කළ කුඩා මඩුවකින් සැදුම්ලත් දැවැන්ත තෙමහල් ගොඩනැගිලි ත්‍රිත්වයකින් හා සියලු අංශ වලට අයත් විද්‍යාගාර, ක්‍රීඩාගාර, චිත්‍ර, නැටුම්, සංගීත, සිංහල , ඉංග්‍රීසි අංශ සඳහාත් ගණිතාගාරයකින්ද පරිඝණකාගාර පුස්තකාල වලින්ද සියළු භෞතික හා මානව සම්පතින් පරිපූර්ණ වූ අලංකෘත වූ පරිසර භූමියකින් සුසංයෝග වූ විදුබිමෙහි වත්මන් විදුහල්පතිනිය ලෙස දිස්නා සේනානායක මැතිනිය දැවැන්ත කර්තව්‍යයක් සිදු කරන බවද සඳහන් කරමි.
“තුම්මෙහි කිච්චං ආතප්පං” ඔබට ඔබේම මඟ සාදා ගන්න” යන උදාරතර ගමන් මගෙහි වැලිගම පුරවරයටම ඒකාලෝකයක් වෙමින් දියණිවරුන්ට ශිල්ප සදාදෙන මහා තක්සලාවක් වන සුමගුල් මැණියන් මහාත් අභීමාණයක් ගෙන දෙයි....’
...
